ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 24-09-2018 | 6:35 AM

COLOMBO (News 1st) : දේශීය පුවත්....

1. දකුණේ පාතාලය යළි හිස ඔසවයි : තංගල්ලේ සහ හික්කඩුවේ ඊයේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් එක් වෙඩි තැබීමක් හික්කඩුව බද්දේගම පාරේ තැපැල් කාර්යාලයක් අසලදී සිදු වූ අතර අනෙක් වෙඩි තැබීම සිදු වූයේ, තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී ය. 2. ජනපති නිව්යෝක් නුවරට ළඟා වෙයි : එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නිව්යෝක් නුවරට ළඟා විය. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතියේ නව සාමාජිකයින් : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. ඒ, එහි සමාජිකයින් 5 දෙනෙකුගේ නිල කාලය ඊයේ අවසන්වීමත් සමග ය. 4. එන්නතකින් පසු නුවරඑළියේ රෝගීන්ට අක්ෂි ආබාධ : අක්ෂි රෝග සඳහා ලබාදෙන එන්නතකින් පසු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසකට ඇස් පෙනීමේ ආබාධ මතු ව තිබේ.

විදෙස් පුවත්... 

1. මාලදිවයින් ජනාධිපතිවරණය උණුසුම් : මාලදිවයින් ජනාධිපතිවරණය ඊයේ පැවැත්විණ. ඊයේ සවස 4ට අවසන්වීමට නියමිතව තිබු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව, රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට එරට මැතිවරණ කොමිසමට සිදුවිය.

ක්‍රීඩා පුවත්... 

1. සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි : බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ.