by Staff writer 24-09-2018 | 4:51 PM
COLOMBO (News 1st) - එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957ට ණය ලබාදී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදී ඇති ණය මුදල්වල මුලු වටිනාකම රුපියල් මිලියන 49,176 කි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ පොලී සහන ණය යෝජනා ක්‍රම 16 ක් හඳුන්වාදෙනු ලැබුවේ ය.
මෙම ණය යෝජනා ක්‍රමවල විශේෂත්වය වන්නේ ඊට අදාළ සම්පූර්ණ පොලිය හෝ පොලියෙන් කොටසක් රජය මගින් අදාළ ණයලාභියා වෙනුවෙන් බැංකු වෙත ගෙවීමයි.
ඒ අනුව ණය නිකුත් කිරීම සඳහා වන 13.5% ක් වූ බරිත පොලී අනුපාතයෙන් 6.75% ක් රජය මගින් ණය ලාභියා වෙනුවෙන් අදාළ බැංකු වෙත ගෙවනු ලබන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.
පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන වෙනුවෙන් පොලී සහන ගෙවීම සඳහා පමණක් 2018 අයවැය මගින් රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 5,300 කි.
මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් මාස තුනකට වරක් සියලු බැංකු හා අදාළ රාජ්‍ය නිලධාරීන් සමග එහි ප්‍රගතිය සමාලෝචනය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ ය.