උ /පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අවසන්

උ /පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අදින් අවසන්

by Staff writer 24-09-2018 | 4:30 PM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අදින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඇගයීම් කටයුතු හේතුවෙන් සම්පුර්ණයෙන්ම වසා දැමුණ පාසැල් 04 ක අධ්‍යයන කටයුතු හෙට සිට නැවත ආරම්භ කරන බව ය. ඒ අනුව ඇගයීම් කටයුතු සඳහා යොදා ගැණුනු කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමි මහා විද්‍යාලය, ගාල්ල සුදර්මා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා හෙට විවෘත කෙරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසැල් 37 ක් යොදා ගත් අතර ඉන් සම්පුර්ණයෙන්ම වසා දැමුණේ පාසැල් 04 ක් පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.