අධිවේගි මාර්ගය භාවිතයේදී විමසිලිමත් වන්නැයි උපදෙස්

අධිවේගි මාර්ගය භාවිතා කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස්

by Staff writer 24-09-2018 | 4:04 PM

COLOMBO (News 1st) - කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් අධිවේගි මාර්ගය භාවිතා කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම අධිකාරිය ඉල්ලා සිටියේ, රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳගෙන යෑමට පියවර ගන්නා ලෙසයි. වර්ෂාව පවතින වේලාවන්වලදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි. අධිවේගි මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, නිවාඩු සමය හේතුවෙන් අධිවේගි මාර්ගය භාවිතා කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. සාමාන්‍ය දිනයකදී අධිවේගි මාර්ගයේ ගමන් කරන වාහන සංඛ්‍යාව 50,000 ක් වනු ඇත. මේ දිනවල එය 70,000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ ය. අධිවේගි මාර්ගයේ අදායම රුපියල් මිලියන 24 - 25 ත් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසා තිබේ.