අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මහ වැසි

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මහ වැසි

by Staff writer 24-09-2018 | 11:53 AM
COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ මිලිමීටර් 131.5 ක් වූ වැඩි ම වර්ෂාපතනය හබරණ ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. කොළඹට මිලිමීටර් 114.1 ක වර්ෂාපතනයක් ද, රත්මලානට 94.2 වර්ෂාපතනයක් ද මත්තලට මිලිමීටර් 77.1 ක වර්ෂාපතනයක් ද ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. ගත වූ පැය 24 තුළ සෙල්සියස් අංශක 37.7 ක් වූ වැඩිම උෂ්ණත්වය වාර්තාවී ඇත්තේ, වවුනියාව ප්‍රදේශයෙනි. පොළොන්නරුව ප්‍රදේශයට ද සෙල්සියස් අංශක 37.6 ක උෂ්ණත්වයක් වාර්තාවී තිබේ. ‍කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේ පළාත් රැසකට මිලිමිටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි.