අතුරුදන් වන ධීවර යාත්‍රා සෙවීමට නව උපකරණයක්

අතුරුදන් වන ධීවර යාත්‍රා සෙවීමට නව උපකරණයක්

by Staff writer 24-09-2018 | 12:34 PM
COLOMBO (News 1st): අතුරුදන් වූ ධීවර යාත්‍රා සොයා ගැනීම සඳහා නව උපකරණයක් හඳුන්වා දීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයෙන් මෙම උපකරණය ධීවරයින්ට ලබාදීමට කටයුතු සිදුකරන බවයි. මෙම උපකරණය සෑම යාත්‍රාවකම සවි කිරීමේ හැකියාව පවතින අතර යාත්‍රාවක් අනතුරට ලක්ව කිසියම් මුහුදු සීමාවක පවතින්නේ නම් එම ස්ථානය හඳුනා ගැනීමට මෙම උපකරණය මගින් හැකියාව පවතින බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. මේ අතර සෑම ධීවර යාත්‍රාවක් සඳහා ම කාලගුණ නිවේදනයක් එස්. එම්. එස්. සේවාව මගින් ලබා දීමට කටයුතු කිරීමට ද නියමිත වේ. වසරේ මේ දක්වා කාලය ධීවරයින් 13 දෙනෙකු අනතුරුදන් ව 12 දෙනෙකු මියගොස් තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.