ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි

සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි

by Staff writer 23-09-2018 | 9:32 AM

බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ.

ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමිනි. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හා රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් වූ තරගය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණි සිටි බව විදෙස් මාධයවල සඳහන් විය. තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර කෙසේ වෙතත් 28 හැවරදි ජොෂුවා තරගය් 7 වන වටයේදී රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමින් අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගත්තේ ය. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං වළල්ලේ හිමිකර ගත් අඛණ්ඩ 22 වන ජයග්‍රහනය මෙය වනු ඇත. ඇන්තිනි ජොෂුවා මේ වන විට හෙවිවේට් ලෝක කිරුළට හිමිකම් කියන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඔහු එම ශූරතාව දිනා ගත්තේ යුක්රේනයේ ව්ලැදිමීර් ක්ලිෂ්කෝ පරාජය කරමිනි. තමා වයස අවුරුදු 40 වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බවට බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පසුගියදා ප්‍රකාශ කළේ ය.