මතුගම - හොරණ මාර්ගයේ පිරිසක් විරෝධතාවක

මතුගම - හොරණ මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවක

by Staff writer 23-09-2018 | 11:48 AM

COLOMBO (News 1st) - මතුගම - හොරණ මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයේ මාර්ගය හරස් කරමින් අද පෙරවරුවේ ගම්වාසීන් විරෝධතාවක නිරත විය.

ඒ, හොරණ 285 මාර්ගයේ අතුරු මාර්ගයක් වන කොටා පාර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමිනි. ගම්වාසීන් සඳහන් කළේ, වසර 15 කින් පමණ එම මාර්ගය ප්‍රතිසංස්කරණ කර නොමැති බවයි. මේ නිසා තමන්ගේ දෛනික කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බව ද ඔවුන් කියා සිටියහ.