ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

by Sagarika Chathumali 23-09-2018 | 2:54 PM
COLOMBO (News 1st) : උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි. ගිඟුරුම් සහිත ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහල යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.