පළාත් කිහිපයකට අද ත් තද වැසි

පළාත් කිහිපයකට අද ත් තද වැසි: ධීවර ජනතාවට අනතුරු ඇඟවීම්

by Staff writer 23-09-2018 | 6:38 AM

COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ඇය සඳහන් කළා ය.