හෝටලයක තෙවන මහලින් වැටී චීන කාන්තාවක් මරුට

නුවරඑළියේ හෝටලයක තෙවන මහලින් වැටී චීන කාන්තාවක් මරුට

by Hashini De Mel 23-09-2018 | 12:35 PM

COLOMBO (News 1st) - නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක තෙවනි මහලින් ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, සංචාරයක් සඳහා නුවරඑළියට පැමිණි අවස්ථාවේ නවාතැන් ගෙන සිටි හෝටලයේදී ඇය මෙම අනතුරට මුහුණපා ඇති බවයි. මියගොස් ඇත්තේ 34 හැවිරිදි කාන්තාවකි.