නි. පොලිස්පතිගේ දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙතට

නි. පොලිස්පති නාලක ද සිල්වා හා නාමල් කුමාරගේ දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙතට

by Staff writer 23-09-2018 | 6:58 AM

COLOMBO (News 1st) - ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන් සිදු කළ බව කියැවෙන දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංවාදවල අන්තර්ගතය, කාල සීමාව සහ පටිගත වී ඇති හඬ, මෘදුකාංග උපයෝගී කර ගනිමින් සංශෝධනය වී ඇති ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු ලබා ගැනීමට නියමිත බවයි. ලබා ගන්නා තොරතුරු මත ඉදිරි විමර්ශන කටයුතු අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් අධිකාරිවරයෙකුගෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇත.