by Staff writer 23-09-2018 | 2:21 PM
COLOMBO (News 1st) : තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයක් ජීවිතක්ෂයට පත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මොහු ප්‍රදේශයේ වාහන සේවා සැපයුම් ස්ථානයක හිමිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
තංගල්ල පොලිසිය මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.