ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 23-09-2018 | 6:26 AM

දේශිය පුවත්

1. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට ජනපති අමෙරිකාව බලා යයි: එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේ ය. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ලබන 24 වන දා ආරම්භ වේ. 2. දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක්: දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි. 3. “අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ” – මහින්ද රාජපක්ෂ: රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසයි. 4. කිරුළපන වාහන ගමනාගමනය සීමා කෙරේ: කිරුළපන, විජය කුමාරතුංග මාවතේ කොළඹට ඇතුළුවන මංතීරුවේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ. පොලීසිය පැවසුවේ, අප ජල ව්‍යාපෘතියක් හේතුවෙන් පොල්හේන්ගොඩ හන්දියේ සිට පුර්වාරාම දක්වා ලබන 28 වන දා දක්වා කොළඹට ඇතුළු වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කර ඇති බවයි. 5. මේ වසරේ සිට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර: මේ වසරේ සිට ප්‍රථම වරට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර එහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස තෙවැනි සතියේ ආරම්භ කරන බවයි.

විදෙස් පුවත්

6. ජනාධිපතිවරණයට පැය කිහිපයක් තිබියදී මාලදිවයින් විපක්ෂ කාර්යාලය පොලීසිය යටතට: මාලදිවයින් ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිත වේ. එවන් පසුබිමක මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි විපක්ෂ අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පොලීසිය යටතට ගත් පුවතක් වාර්තා විය.