කොග්ගල දුම්රිය අනතුරින් බිළිඳියක මියයයි

කොග්ගල දුම්රිය අනතුරින් බිළිඳියක මියයයි

by Staff writer 23-09-2018 | 6:11 PM
COLOMBO (News 1st) : කොග්ගල පොහොර ගබඩා ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් මාස දෙකක් වයසැති බිළිඳියක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. දුම්රිය පැමිණෙන බවට සංඥා ක්‍රියාත්මක වී තිබියදී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලැබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.