එන්නතක් නිසා නුවරඑළියේ රෝගීන් පිරිසකට අක්ෂි ආබාධ

එන්නතක් ලබාදීමෙන් පසු නුවරඑළියේ රෝගීන් පිරිසකට අක්ෂි ආබාධ - එන්නත් සම්පල පරීක්ෂණ සඳහා කොළඹට

by Staff writer 23-09-2018 | 12:29 PM

COLOMBO (News 1st) - අක්ෂි රෝග සඳහා ලබාදෙන එන්නතකින් පසු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසකට ඇස් පෙනීමේ ආබාධ මතු ව තිබේ.

රෝගීන් නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ, එන්තක ලබාදීමෙන් පසු තමන්ගේ පෙනීම නොමැති වී ගිය බවයි. මේ සම්බන්ධයෙන් නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු කියා සිටියේ, එම එන්නත ලබාදීමෙන් පසු අදාළ රෝගීන්ට සංකූලතා මතුව ඇති බවයි. පසුගිය සතියේ සිට එන්නත ලබාගත් රෝගීන් 12 කට අධික සංඛ්‍යාවක් යළි ත් නුවරඑළිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. රෝගීන් වෙත ලබාදුන් එම එන්නතක් ඛාණ්ඩය මේ වනවිට වෙනත් රෝගීන් වෙත ලබාදීම අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අදාළ එන්නත් සාම්පල සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව ද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.