ජනපති නිව්යෝක් නුවරට ළගා වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගීවීමට ගිය ජනපති නිව්යෝක් නුවරට ළඟා වෙයි

by Staff writer 23-09-2018 | 1:12 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී හෙට ආරම්භ වේ. ඒ, එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා පස්වරුවේ සැසිවාරය අමතනු ඇති. ජනාධිපතිතුමා මෙවර මහා මණ්ඩලය අමතනු ලබන්නේ 4 වැනි වරටයි.