ඇඹිලිපිටියට තද සුළං ..අඩි 100 මාර්ගය අවහිර වෙයි

ඇඹිලිපිටියට තද සුළං ..අඩි 100 මාර්ගය අවහිර වෙයි

by Staff writer 23-09-2018 | 7:16 PM
COLOMBO (News 1st) : ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශය හරහා අද පස්වරුවේ තද සුළඟක් හමා ගියේ ය. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, හමා ගිය තද සුළඟ හේතුවෙන්, අඩි 100 මාර්ගයට ගස් කඩා වැටී ඇති බවයි. ගස් කඩා වැටීමෙන් අවහිර වූ අඩි 100 මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද, එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, හමාගිය තද සුළඟත් සමඟ ගසක් කඩා වැටීමෙන්, බස් රථයකට ද හානි සිදුව ඇති බවයි.