මේ වසරේ සිට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර

මේ වසරේ සිට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර

by Staff writer 22-09-2018 | 7:05 AM

COLOMBO (News 1st) - මේ වසරේ සිට ප්‍රථම වරට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර එහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස තෙවැනි සතියේ ආරම්භ කරන බවයි. ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් කරන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින හා වේලාවන් විභාග දෙපාර්තමේන්තුවේ www.donenets.lk යන වෙබ් අඩවියේ පළකර ඇති බවයි.