by Staff writer 22-09-2018 | 8:07 PM
COLOMBO (News 1st) - මාලදිවයින් ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ, ඉබ්‍රහීම් මොහොමඩ්.
ජනාධිපතිවරණයට මාලදිවයින සූදානම් වෙද්දී ශ්‍රී ලංකාවේ මාලදිවයින් සිසුන්ට තර්ජන එල්ල වී තිබේ.
මාලදිවයිනේ හිටපු විදේශ අමාත්‍ය අහමඩ් නසීම් සිය ට්විටර් ගිණුමේ දක්වා තිබෙන්නේ, ඒකාධිපතිවරයාට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් තානපතිවරයා මෙරට සිටින මාලදිවයින් සිසුන්ට තර්ජනය කර ඇති බව ය.
මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට මෙරට මාලදිවයින් තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සය කළ ද එය අසාර්ථක විය.
ට්විටර් ගිණුම හරහා ද මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා දෙන ලෙස අප ඔහුට දන්වා සිටියේ ය.
මෙලෙස තර්ජනයට ලක් වූ මාලදිවයින් සිසුවෙක් අපි සම්බන්ධ කර ගත්තෙමු.
එම සිසුවා අප සමග පැවසුවේ, මෙරට මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් කෙටි පණිවුඩ එවමින් සහ කායිකව හා මානසිකව තර්ජනය කරන බව ය.
2008 වසරේ ඔක්තෝබර් හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් ධූරයෙන් ඉවත් වූ අතර ඉන්පසු ප්‍රථම වරට මාලදිවයිනේ බහු පක්ෂ ජනාධිපතිවරණයක් පවත්වනු ලැබුවේ ය.
දිගින් දිගටම මාලදිවයින තුළ ක්‍රියාත්මක වන මෙම අර්බුදය පසුගිය පෙබරවාරි මාසයේදී ඇරඹෙන්නේ, ජනාධිපති අබ්දුල්ලා යමීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා සහ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ හදිසි නීතිය පැනවීමත් සමග ය.
මෙම තත්ත්වය මාලදිවයින තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හා රජය අතර බල අරගලයක් ලෙස පෙන්නුම් කෙරුණ ද මෙය ඉන්දීය සාගරයේ චීනය සහ ඉන්දියාව අතර බල අරගලයට තවත් මුලපිරීමක් බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
ජනාධිපතිවරණයේ සජීව තොරතුරු වාර්තා කිරීමට නිව්ස්ෆස්ට් අපට හැකියාවක් නොමැත.
ඒ, මාලදිවයින් ජනාධිපතිවරණය වාර්තා කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට එය ආවරණය සඳහා අවසර ලබා නොදීම හේතුවෙනි.
නමුත් නිව්ස්ෆස්ට් අප මාලදිවයින් ජනාධිපතිවරණයේ තොරතුරු නිරතුරුවම ඔබ වෙත ගෙන ඒමට සූදානම්.