මාලදිවයින් විපක්ෂ කාර්යාලය පොලීසිය යටතට

ජනාධිපතිවරණයට පැය කිහිපයක් තිබියදී මාලදිවයින් විපක්ෂ කාර්යාලය පොලීසිය යටතට

by Staff writer 22-09-2018 | 10:21 PM
(News 1st) - මාලදිවයින් ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත‍ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඉබ්‍රහීම් මොහොමඩ්. එවන් පසුබිමක මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි විපක්ෂ අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පොලීසිය යටතට ගත් පුවතක් මීට පැය කිහිපයකට පෙර වාර්තා විය. මාලේ අගනුවර පිහිටි විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රහීම් මොහොමඩ්ගේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක මූලස්ථානය අද පස්වරුවේ වටලා ඇත්තේ පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයක් විසිනි. අල්ලස් ලබා දීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව විපක්ෂ මූලස්ථානය අත්පත් කර ගත් බව පොලීසිය පවසයි. එහෙත් විපක්ෂ නීතිඥයින් සඳහන් කරන්නේ මෙය හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බව ය.