ගල්කිස්සේ සිට රඹුක්කනට නව සුඛෝපභෝගී දුම්රියක්

ගල්කිස්සේ සිට රඹුක්කනට නව සුඛෝපභෝගී දුම්රියක්

by Staff writer 22-09-2018 | 1:44 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස හා රඹුක්කන අතර වායු සමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ලබන 25 වන දා සිට ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම දුම්රිය සෑම දිනකම පෙරවරු 8.30 ට ගල්කිස්සෙන් පිටත්වන අතර පස්වරු 4.10 ට රඹුක්කනින් යළි ත් ගල්කිස්ස බලා පිටත්වන බවයි. එකවර 100 දෙනෙකුට මෙම දුම්රියේ ගමන් කළ හැකි ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොටුව හා වේයන්ගොඩ දුම්රිය ස්ථානවලද මෙම සුඛෝපභෝගී දුම්රිය නවත්වන බවයි. සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙම දුම්රිය ධාවනයට යොදවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇත.