කිරුළපන වාහන ගමනාගමනය සීමා කෙරේ

කිරුළපන වාහන ගමනාගමනය සීමා කෙරේ

by Staff writer 22-09-2018 | 7:29 AM

COLOMBO (News 1st) - කිරුළපන, විජය කුමාරතුංග මාවතේ කොළඹට ඇතුළුවන මංතීරුවේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

පොලීසිය පැවසුවේ, අප ජල ව්‍යාපෘතියක් හේතුවෙන් පොල්හේන්ගොඩ හන්දියේ සිට පුර්වාරාම දක්වා ලබන 28 වන දා දක්වා කොළඹට ඇතුළු වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කර ඇති බවයි. එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවට සහ රියැදුරන්ට අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත. මේ අතර ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් වින්සන්ට් පෙරේරා මාවතේ බබාපුල්ලේ හන්දියේ සිට ආමර්වීදිය අතර කොටසෙහි රථ වාහන ධාවනය ද ලබන 24 වන දා දක්වා සීමා කර ඇත.