ජනපති අමෙරිකාව බලා යයි

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට ජනපති අමෙරිකාව බලා යයි

by Staff writer 22-09-2018 | 8:16 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රියේ අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ලබන 24 වන දා ආරම්භ වේ. එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වන දා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ඇති. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව ලබන 24 වන දා පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ.