අමෙරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් !

ඉන්දියාවට සම්බාධක පනවන බවට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක් !

by Staff writer 22-09-2018 | 8:20 AM

ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා තිබේ.

ඒ, ඉන්දියාව රුසියාවෙන් එස් 400 වර්ගයේ නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට විරෝධය පළ කරමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියානු සාගර කලාපයේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබූ බවයි. මේ අතර චීනය රුසියාවෙන් යුද ගුවන් යානා හා ගුවන් ආරක්ෂක මිසයිල මිලදී ගැනීම හේතුවෙන් අමෙරිකාව චීන හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට ද ඊයේ දිනයේ පියවර ගත්තේ ය. තම හමුදාවට එරෙහිව පැනවූ සම්බාධක ඉවත් කර නොගන්නේ නම් අමෙරිකාවට ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීනය සඳහන් කළේ ය.