by Staff writer 21-09-2018 | 3:57 PM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම සිරුර වව්නියාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇති බවයි.
ඇය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කථිකාචාර්යවරියක් බව ද පොලීසිය පැවසුවේ ය.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන යාමට නියමිත වේ.