ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්

සයිටම් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

by Staff writer 21-09-2018 | 11:00 AM
COLOMBO (News 1st) - සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය දුන් තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැරදි ක්‍රියාමාර්ග නිසා අදාළ සිසුවිය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම ප්‍රමාද වූ බව ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය.