වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරළී මගීන් 86 ක් මරුට

වික්ටෝරියා විලේ මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය ගණන 86 ක් දක්වා ඉහළට

by Staff writer 21-09-2018 | 4:13 PM
ටැන්සානියාවේ වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් මගීන් 100 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි. එහෙත් ඔවුන් අතරින් 32 දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව වාර්තා වේ. යාත්‍රාව අනතුරට ලක්වන විට එහි සිට ඇති මගීන් සංඛ්‍යාව 400 කි. පමණ ඉක්මවා මගීන් රැගෙන යාම හේතුවෙන් යාත්‍රාව පෙරළී තිබේ. කෙසේ වෙතත් ටැන්සානියා බලධාරීන් සැක පළකරන්නේ අනතුරින් පුද්ගලයින් 200 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි. මීට පෙර 1996 වසරේදී වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් 500 දෙනෙකු මිය ගිය අතර 2012 වසරේදී යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 145 දෙනෙකු මියහ.