English
தமிழ்
කර්තෘ Staff writer
21 Sep, 2018 | 10:02 pm
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නියෝග ස්ථිරවම අවලංගු කරන්නේ ද නැති ද යන්න ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.
මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 26 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස නීතිපතිවරයාට සහ වගඋත්තරකාර පාර්ශවයට අධිකරණය අද නියෝග කළේ ය.
ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසමක් මගින් නඩුව කැඳවමින් අද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට ඇති නමුත් එහිදී අනාවරණය නොවූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස්දීමේ බලයක් නීතිපතිවරයාට නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය නම් ජනාධිපති කොමිසන් සභාව යළි ස්ථාපිත කිරීමෙන් මිස වෙනත් ආකාරයකින් කිරීමේ නෛතික හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණ සිදු කරනුයේ ද්වේශ සහගත අරමුණින් නොවන බැවින් රවී කරුණානායක මහතාට ද නිර්දෝෂීභාවය පෙන්වීමට මෙය හොඳම අවස්ථාවක් බව ය.
30 Nov, 2019 | 09:54 AM
19 Nov, 2019 | 01:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS