ප්‍රසන්න රණවීරට හා විමල් වීරවංශට පාර්ලිමේන්තු තහනමක්

by Staff writer 21-09-2018 | 11:58 AM
COLOMBO (News 1st) - ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් සති කිහිපයකට අත්හිටුවනු ලැබුවේ ය. ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති හතරක පාර්ලිමේන්තු තහනමක් පැනවෙන අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවේ. මීට අදාළව ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවත්විණි. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු තහනම පැනවීමට අදාළව පක්ෂව ඡන්ද 41ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ලැබුණු බව ය. විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු තහනම පැනවීමට අදාළව පක්ෂව ඡන්ද 39ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ලැබිණි. මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටියේ ය.