ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ්

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම: ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ්

by Staff writer 21-09-2018 | 4:55 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල් එරන්ද පීරිස් මහතා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 2009 අගෝස්තු 08 වන දා එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් දිනකට පසු මුදා හැරීම සහ 2010 වසරේ ජනවාරි මස 24 වන දා එක්නැලිගොඩ මහතා නැවත වරක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ලුතිනන් කර්නල්වරයා ඊයේ අත්අඩංගුවට ගත් බවයි.