ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

21 Sep, 2018 | 7:14 am

COLOMBO (News 1st)

1. ආන්දෝලනයට තුඩු දී තිබෙන සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන් සිටින බව ඊයේ අනාවරණය විය.

2. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා ලුතිනන් කර්නල් එරන්ද පිරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

3. ඉහළ යන උෂ්ණත්වය හා වෙනස් වන වර්ෂාපතන රටාවන් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයට හා ජීවන තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක් අනාවරණය කර තිබේ.

4. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන මස 5 වන දා සිට 20 වන දා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා ඊයේ අවසර දුන්නේ ය.

5. පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ MTD වෝකර්ස් සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇතැයි, කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

විදෙස් පුවත්

6. උතුරු කොරියාව සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකාව පවසයි.

ක්‍රීඩා පුවත්

7. පනත වෙනස් කරන බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා බොරුවෙන් හා වංචාවෙන් ක්‍රිකට් නිලවරණය කල් දමන බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි.