හැටන් - කොළඹ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

by Hashini De Mel 20-09-2018 | 12:17 PM

COLOMBO (News 1st) - හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ ගිලා බැසීමට ලක්වී ඇති මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

පැවති අධික වර්ෂාවත් සමග එම මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක මංතීරුවකට පමණක් සීමා කෙරිණි. නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් ගිලා බැසීමට ලක් වූ කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ විට ආරම්භ කර ඇත. නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ, එම ප්‍රතිසංස්කරණ කටයුතු දින කිහිපයක් තුළ සිදු කර එම මාර්ගයේ මංතීරු දෙකේම රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කරන බවයි.