ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක්

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක්

by Staff writer 20-09-2018 | 7:37 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිත වේ.

පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි. අද පස්වරු 6.00 ට මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.