රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි

රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි

by Staff writer 20-09-2018 | 2:18 PM

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අද දින වාර්තාගත අයුරින් තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 168.63 ක් ලෙසිනි. ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක් රුපියල් 222.98 ක මිලට අළෙවි කෙරේ. යුරෝ එකක් අළෙවි කෙරෙන්නේ රුපියල් 198.32 ක මිලකටයි.