මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට අද ජනතා අයිතියට

මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට ගොමරන්කඩවලදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

by Staff writer 20-09-2018 | 6:40 AM

COLOMBO (News 1st) - ගස් කඳන් වෙනුවට කොන්ක්‍රීට් කණු යොදා මෙරට ප්‍රථම වරට සකස් කළ ත්‍රිකුණාමලය, ගොමරන්කඩවල අලි වැට අද විවෘත කිරීමට නියමිත වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කිලෝමීටර් 30 ක් දිග මෙම අලි වැට ඉදි කර ඇත්තේ යුද හමුදාවේ ද ශ්‍රම දායකත්වයෙනි. මේ අතර සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. ප්‍රතිසංස්කරණය කළ ගෝමරන්කඩවල බක්මීවැව ද අද ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ එල්ලංගා වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දුෂ්කර පාසල්වල ගුරු නිවාස 100 ක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.