home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගම්මැද්ද වැවෙන් වැවට වාර්තාව එළිදකී
by Staff writer
20-09-2018 | 4:52 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද වැවෙන් වැවට වාර්තාව එළි දැක්වීමේ උත්සවය පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ වන විට පැවැත් වේ.
මෙම වාර්තාව සකස් කරනු ලැබුවේ, ගම්මැද්ද කණ්ඩායම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමක් විසිනි. ශ්‍රී ලාංකේය වාරි තාක්ෂණයේ අභිමානවත් උරුමය සොයා යමින් ගම්මැද්ද වැවෙන් වැවට ගවේෂණය ඇරඹුණේ පසුගිය වසරේ දෙසැම්බරයේදීයි. එහි දෙවැනි අදියර මේ වසරේ ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කෙරුණු අතර සමීක්ෂණ වාර්තාව සැකසීම ඉන්පසු ඇරඹිණ. එල්ලංගා පද්ධතියට අයත් වැව් සහ ජලවහන රටා සිතියම්ගත කිරීම මෙහි විශේෂ අවස්ථාවකි. මෙහිදී අධ්‍යයනයට ලක් කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බෙල්ලන්කඩවල එල්ලංගා පද්ධතියයි. එම අධ්‍යයනය අතරතුර ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝව පියවර ගැනීම විශේෂ සිද්ධියකි. ගම්මැද්ද වැවෙන් වැවට වෙබ් අඩවිය මේ උත්සවයේදී එළිදැක්වුණු අතර මේ වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගීතය ද එළිදැක්විණ. https://www.youtube.com/watch?v=jT6POcVGCt8
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය