උ.කොරියාව සමග යළි සාකච්ඡා ඇරඹීමට අමෙරිකාව සූදානම්

උ.කොරියාව සමග යළි සාකච්ඡා ඇරඹීමට අමෙරිකාව සූදානම්

by Staff writer 20-09-2018 | 7:30 AM

උතුරු කොරියාව සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකාව පවසයි.

ඒ, උතුරු සහ දකුණු කොරියාව අතර න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් නව ගිවිසුමකට අත්සන් තබා පැය 24 ක් ගතවීමට පෙරාතුවය. ලබන සතියේ නිව්යෝක් නුවරදී තමා හමුවන්නැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී යොන්ග් හෝට ඇරයුම් කර තිබුණි. ඊට අමතරව සිය නියෝජිතයින් සමග ඕස්ට්‍රේලියාවේ වියානා නුවරදී දෙවැනි සාකච්ඡා වටයක් සඳහා පැමිණෙන්නැයි ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවට ඇරයුම් කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් අතර ඓතිහාසික හමුව පැවැත්වූයේ පසුගිය ජූනි මස 12 වන දාය.