MTD වෝකර්ස්හි කොටස් වෙළදපොළ ගනුදෙනු අත්හිටුවයි

ආන්දෝලනයකට තුඩු දුන් MTD වෝකර්ස් සමාගමේ කොටස් වෙළදපොළ ගනුදෙනු අත්හිටුවයි

by Sagarika Chathumali 20-09-2018 | 4:22 PM
COLOMBO (News 1st) : පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ MTD වෝකර්ස් සමාගමේ කොටස් වෙළදපොළ ගනුදෙනු අත්හිටුවා ඇතැයි, කොළඹ කොටස් වෙළදපොළ පවසයි. එහි නිල වෙබ් අඩවියේ අද පස්වරු 3.37ට ප්‍රසිද්ධියට පත් කළ නිවේදනවල දැක්වෙන්නේ එම සමාගමේ ගනුදෙනු අත්හිටුවා ඇති බවයි. මේ අතර ණයකර නිකතුවක් සම්බන්ධයෙන් MTD වෝකර්ස් සමාගමෙන් කරුණු විමසීමක් සිදු කර ඇති අතර තවමත් ඊට පිළිතුරක් නොලැබීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි කොටස් වෙළදපොළ ආරංචි මාර්ග පැවසී ය. මහජන බැංකුවේ අධ්‍යක්ෂ ධුරයක් දරමින් මෙම සමාගමට බිලියන ගණනින් ණය ලබාගත් බවට එහි විධායක උප සභාපති ජෙහාන් අමරතුංග නමැත්තාට පසුගිය දිනවල චෝදනා එල්ල විය.