මන්ත්‍රී ගම්මන්පිලට විදේශගතවීමට අවසර ලැබෙයි

මන්ත්‍රී ගම්මන්පිලට විදේශගතවීමට අවසර ලැබෙයි

මන්ත්‍රී ගම්මන්පිලට විදේශගතවීමට අවසර ලැබෙයි

කර්තෘ Staff writer

20 Sep, 2018 | 5:25 pm

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන මස 5 වන දා සිට 20 වන දා දක්වා විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද අවසර දුන්නේ ය.

ඒ, අදාළ කාලය තුළදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාවකට සහභාගීවීමට නියමිත බව පෙන්වා දෙමින් කළ කරුණු දැක්වීම සලකා බලමිනි.

මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, රුපියල් ලක්ෂ 10 ඇප බැඳුම්කරණයක් මත මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසයි.

නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 21 වන දා යළි කැඳවීමට නියමිත වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]