'සීනි මිල වැඩි කිරීමට අවසර දෙන්නෙ නැහැ'

'සීනි මිල වැඩි කිරීමට අවසර දෙන්නෙ නැහැ' - මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

by Staff writer 19-09-2018 | 6:00 PM
COLOMBO (News 1st) : ඊයේ සිට සීනි මත පැනවූ නව බදු පැන වුව ද සීනිවල මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මුදල් අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ සිට ක්‍රියාත්මක නව බදු සංශෝධන යටතේ සීනි කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 42 ක බද්දක් අය කරන බවයි. නමුත්, නව බදු පැනවීමෙන් පසුව වුව ද සීනි ආනයනකරුවන්ට ඉන් අවාසියක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත් බදු පැනවීම හේතුවක් කර ගනිමින් සීනි අනායනකරුවන් හෝ බෙදා හරින්නන් සිනිවල සිල්ලර මිල ඉහළ දමන්නේ නම්, පාරිභෝගික පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද රජය අවධාරණය කර සිටියි. සීනි සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර තිබුණ ද අවශ්‍යතාවක් වුව හොත් එම උපරිම සිල්ලර යළි පැනවීමට ක්‍රියා කරන බව ද මුදල් අමාත්‍යංශය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කෙසේ වෙතත් සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ උප සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රේගු බදු ඉහළයාම හේතුවෙන් වහා ම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15 කින් සීනි කිලෝග්‍රෑම් 1ක තොග ඉහළ දමන බවයි. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් 1ක නව තොග මිල රුපියල් 105 ක් බව ඔහු සඳහන් කළේ ය.