බලංගොඩදී ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

බලංගොඩදී ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

by Staff writer 19-09-2018 | 11:34 AM
COLOMBO (News 1st) - බලංගොඩ ශෛලතලාරාමය අතුරු මාර්ගයේදී ලොරියක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරිය කඳු සහිත ප්‍රදේශයක ගමන් කිරීමේදි රියැදුරු පාලනයෙන් මිදී එය පසු පසට ධාවනය වී ඇති බව ය. එහිදී ලොරිය නැවැත්වීමට රෝදවලට ආධාරක තැබීමට යාමේදි එය පෙරළී මෙම අනතුර සිදුව තිබේ. මිය ගොස් ඇත්තේ 57 හා 38 හැවිරිදි බලන්ගොඩ කිරිදිගල හා මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. තුවල ලැබූ පුද්ගලයින් දෙදෙනා බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.