නි. පොලිස්පති නාලක ද සිල්වාට අනිවාර්ය නිවාඩු

නි. පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන්නැයි, නිර්දේශ

by Staff writer 19-09-2018 | 3:11 PM
COLOMBO (News 1st) : නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ. අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට යොමු කළ බවයි. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමෙන් News1st විමසීමක් කළේ ය. එහි උසස් නිලධාරියෙකු සදඳහන් කළේ, කොමිසම හෙට රැස් වී අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවයි.