ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-09-2018 | 6:59 AM
COLOMBO (News 1st)  1. පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා නොදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. 2. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය. 3. ගෑස් මිල ඉහළ දැමීමටත් කිරිපිටි මිල පහළ දැමීමටත් ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. 4. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි කිලෝවක් සඳහා පනවා තිබූ ආනයනික බදු රුපියල් 18කින් ඉහළ දමා තිබේ. 5. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය ඊයේ දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වී තිබේ. විදෙස් පුවත් 6. අමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු පනවා තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි.