කරාඩුගල ජල ගැටලුවටත් ගම්මැද්දෙන් විසඳුම්

කරාඩුගල ජල ගැටලුවටත් ගම්මැද්දෙන් විසඳුම්

by Staff writer 19-09-2018 | 6:15 PM
COLOMBO (News 1st) : දීර්ඝ කාලයක සිට ජල අර්බුදයකට මුහුණ පා සිටින බිබිල, කරාඩුගල අතරගල්ලෑව ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් සඳහා අද මුල්ගල් තැබිණ. ඒ ගම්මැද්ද වැඩ 1000ක් ව්‍යාපෘතිය යටතේයි. ජල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියේ ය. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ මීගමුව ධීවර සංස්ථා විධායක නිලධාරීන්ගේ සුබ සාධක සංගමයයි.