අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක් අරඹති

by Staff writer 19-09-2018 | 11:55 AM
COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, රැඳවියන් 08 දෙනෙකු උපවාසයට එක්ව සිටින බව ය. තමන්ට එරෙහිව නඩු කටයුතු කඩනමින් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන්ගේ ඉල්ලීම් අධිකරණ අමාත්‍යංශයට යොමු කර ඇති බව ය.