තිරිඟු පිටි මිල ඉහළ දැමූ නිෂ්පාදකයින්ට වැඩ වරදියි

අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර

by Staff writer 19-09-2018 | 6:47 AM
COLOMBO (News 1st) - තම අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව ය. එම මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් ය. පසුගිය මස 31 වන දා රාත්‍රියේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගත්තේ ය. ඔවුන් පැවසුවේ, බදු සංශෝධන හා රුපියලේ අගය පහළ යාම මිළ ඉහළ දැමීමට හේතු වූ බව ය.