by Staff writer 18-09-2018 | 7:51 PM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ ය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ව්‍යවස්ථා විශාරදයින් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා මෙම මහත්වරුන් වරින් වර මේ පවසන්නේ කුමක් ද?
නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට යැයි පවසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස පාර්ලිමේන්තුව වරින් වර රැස්වී, විවිධ කමිටු ද පත් කර ගනිමින් රටේ ජනතාවගේ මුදල් මිලියන ගණනින් වියදම් කරමින් පසුගිය දිනවල නැටූ නාඩගම කුමක් ද?
බලය බෙදීම, විධායක බලතල මෙකී නොකී බොහෝ කතා ජනතාව ඉදිරියේ කියූ ජයම්පති වික්‍රමරත්න ආචාර්යවරයා දැන් පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වඩාත් හොඳ බවයි.
එය වඩාත් හොඳ යැයි කීමට මෙතරම් ජනතා මුදල් සහ පාර්ලිමේන්තුවේ කාලය විනාශ වන තෙක් බලා සිටියේ ඇයි?
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මෙන්ම 20 වන සංශෝධනය ද සැබෑ ජනතා අවශ්‍යතා ඉටු කරන අරමුණකින් ඉදිරිපත් වූ අදහස් නොවන බව ජනතාවාදී බොහෝ දෙනාගේ මතය යි.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාටම ගැලපෙන දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ද මෙම ක්‍රියාවලියේ මුල්පුටුවල අසුන්ගෙන සිටියි.
19 වන සංශෝධනයේදී පෙරමුණේ රාළලා ලෙස ක්‍රියා කළ මෙම පිරිස අවසානයේ සිදු කළේ කුමක් ද?
ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර පහසුවෙන් ඉවත් කළ නොහැකි පරිදි අරුම පුදුම අගමැතිවරයෙකු නිර්මාණය කිරීම නොවේ ද?
පැහැදිලි බහුතර ජනතා කැමැත්ත නැති පුද්ගලයෙකුගේ බලතල වැඩි කිරීමට උනන්දු වූ මෙම පුද්ගලයින් දැන් යළිත් උනන්දු වෙමින් සිටින්නේ විධායක බලතල ද එම පුද්ගලයා අතට පත් කිරීමට නොවේ ද?
පුදුමය නම් ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථා විශාරදයින් ලෙස පෙනී සිටින ෆයිසර් මුස්තෆා මහතා වැනි ජනාධිපති නීතිඥවරුන් ද 19 වන සංශෝධනය නිර්මාණය කළ පිරිස අතර සිටීම ය.
ජනතාවට දෙයක් පෙන්වා, අධිකරණයට තව දෙයකුත්, පාර්ලිමේන්තුවට වෙනම ම දෙයකුත් ඉදිරිපත් කර සම්මත කර ගත් බවට ආණ්ඩුවට විපක්ෂයෙන් චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවෙයි.
ඒවාට මූලිකත්වය ගත්තේ ද මේ ව්‍යවස්ථා විශාරදයින්ම බව රටම දන්නා රහසකි.
රටේ ජනතාවට ගොනාට අන්දවමින් මේ අය ඉටු කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද?
ජනතාව බුද්ධිමත් බව පමණක්, ව්‍යවස්ථා විශාරදයින් යැයි කියාගන්නා අයට යළි සිහිපත් කළ යුතුමයි.
මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමේ සූදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සඳහන් කළේ ය.
ඔහු මේ බව අනාවරණය කළේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.