සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු ඉහළට

සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු ඉහළට

by Staff writer 18-09-2018 | 10:16 PM
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි කිලෝවක් සඳහා පනවා තිබූ ආනයනික බදු රුපියල් 18කින් ඉහළ දමා තිබේ. සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදනය මගින් සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ද ඉවත් කර ඇති බව ය. සීනි කිලෝවක් සඳහා ඊයේ මධ්‍යම රාත්‍රිය වන තුරු අය කළ ආනයනික බද්ද රුපියල් 31කි. නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ නව අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආනයනික බදු රුපියල් 18කින් ඉහළ දමා ඇතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. මෙම බදු වැඩි වීමත් සමග අද උදෑසන වන විට පිටකොටුව ඇතුළු නාගරික ප්‍රදේශයන්හි සීනි අලෙවි සල්වල තොග මිල සටහන් වූයේ රුපියල් 110ක් ලෙසයි. ඊයේ සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 90ක් ලෙසයි.