ශිෂ්‍යත්ව හපනුන්ගේ ශිෂ්‍යත්ව ඉහළට

ශිෂ්‍යත්ව හපනුන්ගේ ශිෂ්‍යත්ව ඉහළට

by Staff writer 18-09-2018 | 5:57 AM
COLOMBO (News 1st) : 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන් සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, නිකුත් වීමට නියමිත ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව ද ඉහළ නැවීමට අපේක්ෂා කරන බවයි. මේ වන විට 15,000කට අධික සිසුන් පිරිසක් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් තබති.